Wednesday, June 13, 2012

නියගලා, මල් කඩමුද?

        ඔන්න අදත් මරණයක් ආරංචි වුනා මලක් හින්ද දිවි තොරකරගත්තු තවත් බබරෙක් ගැන. අනේ මට නොතේරෙන උන්ට තේරෙන ආදරේ ගැන මම සැහෙන වෙලා කල්පනා කලා. ඊයේ පෙරේද එක්කෙනෙක් ෆෝන් එකේ වීඩියෝ ඕන කරලා මල් අස්නේ උඩින් තියල ලෝකෙටම පේන්න එල්ලිලා මරුන, අද තවත් එක්කෙනෙක් නියගලා කාල නිදාගත්තා ලෝකෙන් වහන් වෙලා. මේ වෙනසත් මට තේරෙන්නේ නැහැ. තමන්ට අසාදාරනයක් උන කෙල්ලට පාඩමක් උගන්නන්න, නැත්නං අනිත් අයගේ කතා අහන් ඉන්න බැරි වේදනාවට කොල්ලො දිවිනසා ගන්නවා කියල තමයි කට්ටිය කියන්නේ. තවත් අය කියනවා ඕක ඔය Depression කියන ලෙඩේනෙ කියල. ඒත් ඉතින් මට නං හිතෙන විදියට දිවි නසා ගන්න, Depression හදාගන්න  කෙල්ලෙක් හේතුවක් කර ගන්න තරං හිතන්න දෙයක් නෙමයි.

                  අපි ආදරේ කරන බව ඇත්ත, දාල ගියාම හරි බෑ කිව්වම හරි දුක හිතෙන එකත් ඇත්ත, නැත්නං මෙච්චරට විරහ ගීත ලියවෙන්නේ නෑනෙ රචකයෝ අතින්. ඒත් ඉතින් ඕක මැරෙන්න තරං හේතුවක් කර ගන්න කොල්ලෙක්ට හිතන්න තරං දෙයක් නෙමයි කියලයි මගේ අදහස. සිංහල සමාජේ හැටියට කොල්ලෙක්ට තමයි කවද හරි පව්ලක්ම රකින්න වෙන්නේ. එතකොට පැවරෙන වගකීම් ප්‍රශ්න එක්ක මේ මොනාද කියල හිතෙන තරං නොගිනිය හැකි ප්‍රශ්න මේව. අම්ම, තාත්ත මහන්සි වෙලා ජීවත් කරන්න නාරා දුක් විදිද්දි දවසක් දෙකක් නැත්නං අව්රුද්දක් දෙකක් හම්බ වෙච්ච කෙල්ලෙක් හින්ද මෙහෙම කරගන්න එක පට්ට චාටර් වැඩක් කියලයි මට හිතෙන්නේ. තමන් හදා වඩා ගත්තු අම්ම තාත්තට ආදරේ නැති කොල්ලගෙ, කෙල්ලට තියන ආදරේ ගැන වෙනත් කුමන කතාද.  දුකෙන් කනගාටුවෙන් උනත් කියන්න වෙන්නේ එහෙම උන් මැරෙන එකමයි හොද කියල. 
        ඒ වගේම මේ ප්‍රශ්නේ අනිත් පැත්තකුත් තියනව. සමහර උන්දලා කොල්ලො සෙල්ලමකට අරන් කියලත් හිතෙනවා වෙලාවකට. අහිංසක කොල්ලො මොකද කරන්නෙ ආදරේ නාමෙන් එයාට වයිර කරන්න බෑ කියල තමන්ටම වයිර කරගෙන අලේ කාල මැරෙනවා. ඉතින් මේක ගෑනු ළමයිනුත් දෙපාරක් හිතන්න ඕනි ප්‍රශ්නයක්. සුනිල් එදිරිසිංහ මහත්මය ගායනා කරන දුවේ නුබ මගේ ප්‍රානයයි සින්දුව අද කලේ දූලා අහන්නම ඕනි සින්දුවක් කියලයි මම හිතන්නේ 

" දුවේ නුඹ මගේ ප්‍රානයයි 

සැබෑ වුන සුබ සිහිනයි

සෙනෙහසින් කුලගෙට පියනගන්නේ

සනුහරේ අභිමානයයි 
මං මලක් ලෙස නුඹ නොහෙදුවේ

පෙති හැලී පරවෙන නිසාමයි.

දුක දිනා හිනැහෙන හැටි දුවේ

නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නොදෙයි

මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරි වෙයි 
කළ හොඳම විතරක් ඉතිරි වෙයි 

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහඩිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගේ දුව තමා
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ 
ගෙනියන්නේ ඒ අභිමානයයි
ගෙනියන්නේ ඒ අභිමානයයි "

        මේ සින්දුවේ කියන විදියට රැකගෙන ආපු ගෞරවය කිව්වහම අද කලේ දෝනිල හිතන් ඉන්නේ පරිස්සන් කරන් ඉන්න ගැජට් කෑලි බෑලි ටික කියල. ඒත් මේ ළමයි නොදන්නා ලැජ්ජා බය දෙක ගෑනු ළමයින්ගෙන් අද සමාජය අපේක්ෂා කරනවා. එහෙම ලැජ්ජා බයට හැදුන දුවෙක් තමයි කවද හරි හොද අම්මෙක් වෙන්නේ. මල් පෙති වගේ සිනිදු වෙලා ජීවත් වෙන්න බෑ අද සමාජයේ. ඒත් ගැණු ළමයි දැන ගන්න ඕනේ දෙයක් තමයි තමන්ගෙ ගෞරවය තියාගෙන ජීවත් වෙන්න. 
       කොහොම හරි මට අන්තිමට කියන්න තියෙන්නේ මේ දෙපාර්ශවයම බොහොම බුද්දිමත්ව වැඩ කරන්න ඕනි. කොල්ලන්ට කියන්න තියන එකම දේ තමයි කොන්ද කෙලින් තියන් පන ගහල ඕනෙම ප්‍රශ්නෙකට මූණ දෙන්න බැරි නං එහෙව් කොල්ලෙක්ගෙන් මෙහෙව් රටකට මෙලෝ රහක් නෑ කියල විතරයි. ඒ අතින් අපිට ගොඩක් කොල්ලො ඉන්නවා එහෙම මුණ දෙන්න පුළුවන්. ඒත් ඉතින් මල් පෝච්චිය මාරු උනාම නියගලා පැණි බොන බබරුනේ බේර ගන්න බැරි.