රෝස කැකුළු
ඈත වෙල්යායෙ එහෙන් මෙහෙන් තණකොළ උලාකන මීහරක් රංචුව හරියට ඇත් රංචුවක් වගේ පේනව. උන් තරු පහේ අවන්හලක නිදහසේ ඉදගෙන කෑම ගන්න වැදගත් ලීලාවෙන් කෑම කනව. චිරි චිරි සද්දෙට වෙව්ලන ජනෙල් අස්සෙන් දාඩිය සුවදට මලකඩ සුවද එකතුවෙච්ච හුළං රැලි මුනේ වැදෙනවා. උදේ ඉදන් මහන්සි වෙච්ච මිනිස්සු ඒ හුළං රැලි වල පහසට මුණ අල්ලාගෙන ඈත අහස දියහයි පුරන් වෙච්ච කුබුරූ දියහ බලාගෙන තම තමන්ගේ කල්පනාවල ගමනෙ යනව. අතරින් පතර කිහිප දෙනෙක් එකතුවෙලා තමන්ගේ ආගිය තොරතුරු කතා කරනව. හිත ඇතුලෙන් එන සමහර සංවේදී සිතුවිලි වචන වෙලා ඒ හුලගටම එකතුවෙලා මගෙ කනටත් වැටෙනව. ජීවිතේ පැත්තකට දාල උදේ ඉදන් වැඩ කරපු මිනිස්සුන්ට තමන් ගැන හිතන්න හම්බ වෙන වෙලාව මට හිතෙනව. හවස මහව කෝච්චියෙන් අපිත් පැද්දි පැදිදී ගෙදර එනව. ලස්සනට පාට වැටිච්ච ඇත්තටම මාව අදුන ගත්ත ඇස් දෙකක් මගෙ මුණ ඉස්සරහ පැද්දෙන සද්දෙන් කතා කර කර හිටගෙන ඉන්නව. අපි අපේ ජීවිත ගැන කතාකරනව. ප්‍රශ්ණ වලට උත්තර හොයනව. දුක වහගෙන සද්දෙට හිනා වෙනව. මගෙ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනව. වටේ පිටේ හොරෙන් හොරෙන් කතා කරන අහිංසක මිනිස්සු අපේ සද්දෙට නොරිස්සුන් බැල්මවල් දානව හරියට අපි වැරද්දක් කළා වගෙ. ඒ වෙලාවට දෙන්නම කට වහගෙන ජනේලෙන් එලිය බලාගෙන කල්පනාවට වැටෙනව. අපි දෙන්නගේ වටේ අපි නොහිතම ගොඩනගා ගත්ත ගොඩනැගිච්ච බැමි වලින් අපිව ඈත් කරල නේද කියල මට මතක්වෙන්න ගන්නව. ඒ වෙලාවට මම අහනවා අපි මේ තාප්ප කඩමුද කියල. උත්තරයක් නැතිවම එයා ආයිත් කල්පනාවට වැටෙනව. මම ඇත්තටම වැරදියි. හිත හදා ගන්න මම හිතනව.
මුහුද අඩ අදුරෙ හෝ හෝ සද්දෙට රැල්ල ගහනව හරියට
නපුරු මන්තරකාරියෙක් මන්තරයක් ජප කරනව වගේ. රේල් පීලි අස්සෙන් කොහෙද ඉදපු කඩි
රැලක් මලානික ගමනින් කඩි ගුලක් ඇතුලට රිංගනවා හරියට මාස ගාණක් මුහුදු ගිහින් කාලෙකට
පස්සේ ආයෙත් ගෙදර ආපු ධීවරයෝ ටිකක් ගෙදරට රිංගනවා වගේ.. අයෙත් කාලෙකට පස්සෙ මම බම්බලපිටියේ
ඉදන් කෝච්චියේ කොටුවට එනව.. ජීවිතේ අන්තෙටම වැටිච්ච මීට වඩා වැටෙන්න තැනක් නැති
අන්ත අසරණ මිනිහෙක් විදියට. ඉවසා දරාගෙන හිටපු දුක එකකට දෙකකට සීමා නොවී ප්‍රශ්ණ ගොඩකින් ඔළුව පුරෝදාල ඔලුව කීරිගහෙන්න රිදෙන ඉරි තලාගෙන යන හැගීමක් හිතට දැනෙන, ප්‍රශ්ණ කියන්න මාව හොදටම තේරුන් ගත්ත කව්රුත් නැති වෙලාවක, සුපුරුදු ආසාවෙන් මම
මහව කෝච්චියට ගොඩ වෙන්න ෆ්ලැට් ෆෝර්ම් එකේ බලාගෙන ඉන්නව. ලස්සන හිනාවකින් මෙකප් වැටිච්ච ඒ ලස්සන මූණ මැණික් වගේ දිලිසෙන ඇස් දෙක මට හිතින් මැවෙනව. දැන් එවි කියල හිතාගෙන
කළුගල් කෑලි කොන්ක්‍රීට් පොළවෙ හයියට අඩිය තියාගෙන මම ඉස්සරහට යනව. නොහිතම එයා මගෙ
මූනට මුණ ගැහෙනව හිතුව විදියටම. ලස්සනට තිබුන ඒ මූණ අදුරු පැහැ ගන්නව. ආ කියල
විතරක් කියාගෙන එයා ඉස්සරහට යනව. මාත් කිසි දෙයක් හිතා ගන්න බැරුව කල්පනා කර කර ට්‍රේන්
එකට යනව.
වෙනද මූණු වල කාන්සිය අද ඒ
පෙට්ටියේ මිනිස්සුන්ගේ මූණු වල නැහැ. අපි හිට ගත්ත අතට අනිත් පැත්තේ පිරිමි
ලමයෙකුයි ගෑණු ලමයෙකුයි සද්දෙන් පෙම් ජවනිකාවක චරිත රග දක්වනවා. වටේටම ඒ වගේ දර්ශන
තුන හතරක් පේන්න තියනවා. වෙනද නැති කේන්තියක් මගේ හිතට එනව. මම කේන්තිය යටපත්
කරගෙන මූණ හදා ගන්නව. හිට ගත් වනම හිට ගත් එයා කිසිම කතා බහක් නැතිව මලානිකව මාව
නොදැක්ක වගේ ඉන්නව. මම හීනෙන් වගේ මට මූණ දෙන්න උන දුක් කරදර එයාට කියනව. ඇහුන
නෑහුන ගානට එය හ්ම්ම් විතරක් කියනව. කවදාවත් ඇති වුනේ නැති ලැජ්ජාවක් මගේ හිතට
ඇතුල් වෙනව. මෙතනින් බැහැල යන්න යන්න කියන හිතුවිල්ල මගේ හිතට ඇතුල් වෙනව. නැහැ මම
ඉන්නව, මම නවතිනව.. එයාගේ මොබයිල් එක අතට අරගෙන එයා එකෙන් කතා කරනව.. හිනා
වෙනව. ඒ බොරුවට, මට කතා කරන විදියෙන්ම
තේරෙනවා.. හිත ප්‍රශ්ණ ගොඩක පැටලෙනවා. ලජ්ජාශිලී හැගීම හිත ඇතුලෙ කැකෑරෙනවා. තව
මොන ලජ්ජාවක්ද මට මම ඒ ලැජ්ජාව හිතින් රහට විදින ගමන් හිතනව. වටේ මිනිස්සුන්ගේ කතා
බහ මලකඩ සුවද වෙනද වගේම පේනව දැනෙනව. මූනේ
හැගීම් අමාරුවෙන් යටපත් කරගෙන දූවිලි බැදිච්ච ඒ මේ අතට සද්දෙට පැද්දෙන වීදුරුවෙන්
එලියෙ වෙල් යායක් දියහ බලාගෙන ශීට් එකකට අතක් තියාගෙන ඒ මේ අත පැද්දෙන ගමන් මම කල්පනා
ලෝකෙ අතරමන් වෙනව.. පපුවට බරක් දැනෙනව. ඒ අතරෙ එයාට ඉද ගන්න ශීට් එකක් හම්බ වෙනව. එයා
දෙපාරක් නොහිත ඉද ගන්නව. ටික වෙලාවකින් ඇස පියවෙලා එයා නින්දට බර වෙනව. ලා
නින්දෙදි හිතේ තියන සිතුවිලි මූණෙන් පේනව, මම අහල තියනවා. එයාගේ ලස්සන මූණ පැත්තක්
වෙනස් වෙලා, තරහ බවක් මූණෙන් මතුවෙනවා. අදුනා ගන්න බැරි
හැගීම් ගොඩක්, මම තේරුන් ගන්න උත්සහ
ගන්නව. මිනිස්සු එහෙ මෙහෙ දගලනවා. එයාට ඇහැරෙයිද?.. මම එයාට නොඇහරෙන්න සද්දනැතිව ඉන්නව.
බහින්න ලං වෙන කොට ඉබේටම එයාට ඇහැරෙනවා. කෝල් එකක් දෙන්න එයා මට කියනව. හිත ටිකක්
සැහැල්ලු වුනත් පුරුදු නුපුරුදු ලැජ්ජාවෙන් මම කෝච්චියෙන් බහිනවා. ඈත මිරිගුව ලංවෙලා, නැහැ ඒ වතුර වලක් නෙමයි මිරිගුවක්ම තමයි. අල්ලපු
ගෙදර අයියගේ කඩේට ආව ගමන්ම මැසේජ් එකකින් එයා මට කියනව. මම පුටුවකට බර දෙනවා. ඔව්
මම දැනගෙන හිටිය. යටි හිත මට කියනව. එයාට රිප්ලයි කරල පුරුදු ගමනින් මම ගෙදරට එනව.
ජීවිතේ හැටි ඔහොම තමයි. එන ආත්මේ මම එයාට කලින් කොහොම හරි ඉපදෙනව. ලොකු
අදිෂ්ටානයකින් මම ගෙදර එනව.
තුතී ගීතිකාවක බැතිය මවන පවනේ
තුතී ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්
මේ නෙත් උළෙලට එන්න
ඇතුල් හිතේ තියන රෝස කැකුළු වර්ෂා අස්සෙන් එන්න
අහසේ පැල් බැද සදා බලා හිදිනා
මේ ඉරහද යටදීම ආදරේ විදින්න ජීවිතේ විදින්න
ආවේ කොයින්ද එන්නේ කොතැනද
මෙහෙ කව්රුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මිය යන්නට පෙර මේ හමුවීමම කොයිතරම් උතුම්ද
තෙත් සමනල් පෙළ පාරෙ එන්න
මේ ඉර හද යටදීම ආදරේ කරන්න ජීවිතේ දකින්න
ආවේ තනියම යන්නේ තනියම
එනමුදු තනි කවුරුන්ද
සුසුමට වැඩියෙන් සමීප වන්නට මේ ලංවීමේ වෙන්වීමක් කොයින්ද
මේ මානව සුවදේ වෙලෙන්න
මේ ඉර හද යටදීම ආදරේ කියන්න ජීවිතේ හොයන්න
No comments:
Post a Comment