කිරි මුට්ටියක් වගේ හඳ පායල. සුදු සේල සළුවක් වගේ
වලාකුළු වැලක් හඳ සීතල කර කර හඳට උඩින් යනවා. ඊටත් මෙහායින් වවුල්ලු අඹ දඹ රඹ
හොයාගෙන උන්ගෙ ඉන්ෆරෙඩ් සෙන්සර් ඔන් කරගෙන එක රෑනට පියබනවා හරියට සරුංගල් අහසෙ
පාවෙනව වගෙ. ඇදපු චිත්‍රයක් දියහ චිත්‍රය ඇදපු කෙනා බලන් ඉන්නවා වගේ මමත් ජනෙල් පියාන්
වල වැදීගෙන එන හිරිගඩු පිපෙන සීතල හුළං රැලි වල වේදනාව එකතු වෙච්චි අමුතු ප්‍රබෝධයකින්
අහස දියහ ලෝබ කමින් බලාගෙන ඉන්නව. ඉස්සර මේ විදියටම ඇද උඩට වෙලා පැය ගාණක් “අත්
නිදහස්” කනේ ඔබාගෙන අපි ජීවිතේ බෙදා ගත්ත හැටි මට මතක් වෙනව. එදා නුහුරු හිරිගඩු
අද ආයෙ ආයෙත් මගේ ඇගට දැනෙනව. ගතත් හිතත් අතර තියෙන වෙන් වෙන්නේ නැති බැදීම මට
දැනෙන්න ගන්නව. එහෙම දවස් වලට මම තුෂී
ගෙන් “ඔයාට අහස පේනවද රත්තරන්” කියල
අහනවා. එයා ඒ කොනෙන්, මම මේ කොනෙන්, අපි දෙන්නම හඳ දියහ බලාගෙන කතා කරනවා. ඒත් කවම
දාකවත් මම තුෂී ව හඳට උපමා කරලා නැහැ. ඒ හඳේ ලප තියන හින්ද නෙමයි හ දවසින් දවස
වෙනස් වෙන හින්ද. අද මොනදේ වෙලා අපි වෙන්
වෙලා තිබුනත් එදා තුෂිත් එක්ක ගත කරපු කාලේ මතක් වෙනකොට ඇගට පුදුම සැහැල්ලුවක්
දැනෙනව. ගතින් අපේ මතක බස් එකට, කෝච්චියට, පන්සලට, ක්ලාස් වලට සීමා වුනත් නොව්නත් හිතින්
අපි එකටම ජීවත් වුන ඒ ලස්සන අතීතය ඇත්තටම මේ පුරහඳ පායල තියන ලස්සන නිල් කටරොඩු
අහස වගේ මතක් වෙන හැම මොහොතකම
සැහැල්ලුවෙන් පුරවනව.
වටේම අහස උසට අහස නොපෙනෙන තරමට බිල්ඩින් පිරිල.
වාහන හෝන් සද්දෙට කන් බීරි වෙන තරං. උදේට මාලබෙන් පටන් ගන්න ට්‍රැෆික් එක එදා වගේම
අදත් තියනවා. ගම්පහ මාතර බස් එක නුගේගොඩ හරහා යන පාරෙන්ම මාස හයකට විතර පස්සෙ මම
තාත්තත් එක්ක කොළඹ යනව. මාතර බස් එකේ අචල අයියගේ සාඩින් පැකින් මෙතඩ් එක මතක්
වෙනව. ඒ කාලේ පන්ති යනකොට අචල අයිය සීට් වල ඉන්න අයට අමතරව පෝලිං තුනක්වත් දානවා
බස් එකේ මැදට. මතක් වෙන කොටත් ඇඩෙනවා. හිතේ අලුත් බලාපොරොත්තුත් එක්ක මම සැහෙන්න දුක්
විදලත් ලබාගන්න බැරිවෙච්ච හීනයක් පස්සේ තාත්තගේ උදව්වෙන් වෙනස්ම සමාජයකට අඩිය
තියන්න යනව. තාත්තත් වාහන අස්සෙන්
අමාරුවෙන් වාහනේ බේරාගෙන ගෙනත් නැවැත්තුව කොළඹ මැද්දෙ තියන ලොකු බිල්ඩින් එකක් ඉස්සරහ.
තට්ටු දොළහක් විතර අහස පැත්තට යන්න ටිකක් වටකුරු වෙච්ච බිල්ඩින් එකක් ඒක. පාට පාට
බෝර්ඩ් පිරිල වටේටම. ගහක් දෙකක් ඇරුනහම වටේම කොන්ක්‍රීට් තට්ටු අහස බදාගෙන හරියට
කෙලින් අතට ගහපු පිට්ටු වගෙ. “දයිය උබට ඩේටින් කරන්න කෙල්ලෙක් සෙට් වේගන එන්නේ.
ඊයෙ පෙරේදත් ගියා මචන් අපි ක්ලබින්, උබත් සෙට් වෙයන්. අන්න අර කෙල්ල. උබ අහයි කියල
ඉන්නේ, උබ අහපන්.” මාස තුනකට විතර පස්සෙ මට පෝෂා කිව්ව වචන මතකයි. එයා සයිබීරියා. මම
කිව්වා “බලමුකෝ බලමුකෝ” කියල. “සිරා කරන්න ඕනි නෑ බන් ඒකිත් එක දන්නවා, දන්නේ
නැද්ද ඉතින් රව්මක් දෙකක් දාල ටික දවසකින් ප්‍රශ්නයක් නැතුවම සේපරේට් වෙන්න
පුළුවනි” කියල, පැනපු ගමන් මගේ හිතේ තියනදේ අදුන ගත්ත වගේ පෝෂා කියපි. මට ඉතින් කියන්න
හිතුන “`කොහොමත් ඕක සිරා කරන්න වෙන්නේ නෑ බොලං, ඔය සක්කර වට්ටම අපේ අම්ම දැක්කොත්
මාව ගෙදරිනුත් පන්නනවා කියල.`” එත් මම එක වහගෙන කිව්ව “හරි පොෂා අපි බලමු බලමු” කියල.
අනේ අනිච්චන් ඒ පොශාලගේ පොෂ් ඩේටින්. පොඩි ආඩම්බරේකුත් ආව “ශහ් යකෝ ලංකාවත් දැන්
පුංචි එංගලන්තයක් වෙලානේ, ඩේටිනුත් නැගල යනවා නේ කියල.”
අඩි පහක් විතර වටේ ලොකු ගහක කදක් කඩේ පොලවෙන් උඩට
මතුවෙලා දෙවැනි තට්ටුවේ ස්ලැබ් එකත් විදගෙන කඩේ වහලෙනුත් උඩට නගිනව. සුවිශාලෙට
අතුබෙදුනු ගහ හැමදාමත් උදේ හවස රටේ හතර දිබ්බාගෙන් කෝච්චියෙන් කොළඹට යන එන අය දියහ
බලාගෙන හුළගට වැනි වැනී හුදකලාව හුස්ම ගන්නවා කියල මට හිතෙනව. දවල් කෑම වෙලාවත්
ඉවර නිසා වේටර් අයිය පුටුවක ඉදගෙන නිස්කාන්සුවේ බලාන ඉන්නව. තාත්ත නැති දවසට
ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න කොටුවට එන හැමදාකම වගෙ මම මේ කඩ පේලියට ගොඩ වෙනවා. වේටර්
අයිය සමන් මාව දැක්ක ගමන් පුටුවෙන් නැගිටලා “ආ සර් මොනවද අද කන්නේ” කියල අහනව. “මොනවද
බං අයියෙ ඉතින් වෙනද කන පරාටේම තමයි” මම හිනාවෙවී කියනව. මිනිහත් සිරියාවන්ත
හිනාවක් දාගෙන ඇතුලට ගිහින් පිගානක පරාට දෙකයි, බිත්තර රොටියි කපල මිරිස් හොද්දත්
එක්ක පරිප්පු ටිකකුත් පදමට දාගෙන එනව. ලගදි දවසක ඔහොම කකා ඉන්නකොට මිනිහ මගේ
ඉස්සරහින් ඉදගෙන හෙන අප්සට් එකෙන් පාර දියහ බලන් ඉන්නව. මම ඇහුව මොකද සීන් එක සමන්
අයිය කල්පනා කරන්නෙ කියල. “නෑ මම මේ කල්පනා කර කර ඉන්නේ උදේ හවහ මෙච්චර ගෑණු ළමයි
යන එන තැන ඉන්න මට කවද නං කෙල්ලෙක් හරි යයිද කියල” සමන් අයිය අහිංසක හිනාව දාගෙන
කියවගෙන යන්නව. “එතකොට අර පීපල්ස් පාර්ක්
එකේ පොත් කඩේ ගෑණු ළමයට මොකද උනේ.” මාත් ලා හිනාවක් දාගෙන අහනවා. එයා ගියා සුමානෙ දවසක්
මේ කඩේ ඉස්සරහැදීම මට බැන්න මහත්තයො “තමන්ගේ තත්වේ දැනගෙන වැඩ කරනව, ඕනේ නැති
දේවල් වලට එන්න ලෑස්තිවෙන්න එපා අයිසෙ කියල.” “තාත්තට අසනීප උනායින් මම මේ කොළඹ ඇවිත් චර්ටර්
උනාට ගමේ දුප්පත් උනත් හොදට ජීවත් වෙච්චි පව්ලක කොල්ලෙක්. සිගරට් හාරසීයක් විතර
අතින් කන්න එන අයට දුන්නත් සිගරට් එකක් බොන්නේ නෑ සර් මම. හම්බ වෙන සල්ලි වලින්
ගෙදරට ගාණක් යවල ඉතුරු වෙන ටික මම නාස්ති කරන්නේ නැහැ පොතේ දානව. කැකිරාවෙන් මෙහෙ
මාකට් එකට එන ලොරියක මම අඩුවට මල්ලිට එළවලු යවනවා එහෙ විකුනන්න.” සමන් අයිය කියනව.
මට මාර සතුටුයි “ශා මරුනේ සමන” මට කියා වුනා. “ඒත් මහත්තයො මෙහෙ ළමයි රැවටෙන්නෙ
පිට ඔපේට, කමක් නැහැ ඒ ඒ ළමයාගෙ කැමැත්ත. අපිටත් දවසක හද පායයිනෙ සර්” සමන් අයිය
අහස දියහ බලාගෙන කියනව. “සමන් අයියට වරදින්නේ නැහැ අයියෙ” පිටට තට්ටුවක් දාල මම
කිව්ව. මටත් ඉන් එහා කියන්න දෙයක් නැහැ, තාත්ත කන්න කියල දීපු සල්ලි වලින් බිල
ගෙවල රුපියල් විස්සකුත් සමන් අයියගේ අතේ තියල තාත්තට පින් දීල කඩෙන් එලියට බැස්ස. හවසට
මූසල වැහිබර කොළඹ අහස සමන් අයිය වැඩ කරන කඩේ ගහ උඩට කඩා වැටෙන්න වගෙ බරවෙලා.
“මලානික වැහි බින්දු වැටිල, දූවිලි පැහැ වැටුණු කෝච්චිය මත ලස්සන රටා මවාවි. තවත් පැය කිහිපයකින් කොළඹ අදුරෙන් ගිල ගනීවි. සමන් අයිය පාන්දර වෙනකන් නිදි නැතිව කඩේ වැඩ කරාවි. රෑට නිදි නැති කොළඹ තෙරක් නොදකින ජීවිත මලානික වැහි පොදට අහුවෙලා පාට පාට ලයිට් අතර දියවෙලා යාවි. රට වටේ අහිංසක කුරුල්ලො කිරිල්ලියො බකමුණු සද්ද අතරේ නින්දෙන් ඇහැරිලා එහෙන් මෙහෙන් වැස්සට තෙමුණු හිරිගඩු පිපුණු තටු සල සලා කිචි බිචි සද්දෙන් මුමුනාවී.” කෝච්චියේ එන ගමන් මට රේල්පීලි අතරෙත් සමන් අයියගේ දුක්බර අදිෂ්ඨානය පිරිල ඉතිරිලා යන මුණ පේන්න ගත්ත. මොකක්දෝ දුකක් හිත වෙලා ගන්න අතරේ “නැහැ උට වරදින එකක් නැහැ” මගේ හිතට ආව. “මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. මේ ගම්පහ දුම්රිය ස්ථානයයි. පොල්ගහවෙල දක්වා දාවනය වෙන.....” මම දුකින් කෝච්චියෙන් බැහැගත්ත. තුෂිලගේ ගෙදරත් පහුකරගෙන බස් එකේ ගෙදර ආව. අදත් හඳ තියේවි කියල හිතාගෙන ඇදට වැටුන.
මචං උඹ අන්තිම පේලියේ දයියා නේද? එකේ තිබ්බ ලින්ක් එහෙකින් මේ පැත්තට ආවේ..
ReplyDeleteසිරා ලියමන මචං..
ඔව් මචං මම දයිය. ගොඩක් ස්තුති මචං. මේක අන්තිම පෝලිමට දාන්න බයයි බං. දන්නවනේ අපේ උන්ගේ හැටි. මචං මට උබේ මේල් එක එවපන්.
ReplyDeleteමචං මගේ කමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් වරෙන්,මගෙත් තියෙනවා පොස්ට් 5 ක් විතර දාපු මෙලෝ යකෙක් කියවපු නැති බ්ලොග් එකක්..
ReplyDelete