ඇය ඉතා ප්‍රිය මනාපය, සුන්දර ගතිපැවතුම් ඈ ගැටෙන සමාජයෙන් ඇය උසස්තලයකට ගෙන ඒමට සමත්ය. ඇගේ
අති සුන්දර කටහඩ මා සිත් ගත්තේ මීට අවුරුදු කිහිපයකට පෙරය. නමුත් මා ඇගෙන්
බලාපොරොත්තු නොවූ දෙයක් අන්තර්ජාලයේ ගැටෙද්දී මම දුටුයෙන් මා කලබල වුනා යයි කීවොත්
නිවැරදිය. "Love Story ගැන කතා කර කර සිටි ඇය මෙන්න
ජීවිතය ගැනත් කතා කරනවා" මම මටම කියා ගත්තේය. ඇය නමින් Taylor Swift නම් විය. “No matter what happens in life, be good to
people. Being good to people is a wonderful legacy to leave behind.” මට තේරෙන විදියට එය "ජීවිතයේ කුමක් සිදු වුවත් මිනිසුන්ට හොදම
දක්වන්න, එය ඔබ ජීවිතයේ ඉතිරි කර යන විශ්මිත උරුමයකි "
යන්නයි. අවුරුද්දක් දෙකක් වැඩිමල් වුනද ඇය ඇමරිකාවේ නොයිපදී ලංකාවේ ඉපදුනා නං යයි
මට සිතුනි.
ජීවිතයේදී අනිත් අයට කරුණාව
දක්වන්න නැතහොත් සමාජ සේවයට ගොස්
සිදුවූ ඇබැද්දි මටනං එමටය. "පුතේ කෙනෙක්ට උදව්වක් කරනවා නං හරි සලකනවා නං හරි
හොදයි, එත් එකෙන් අහන්න වෙන කතා ටික ඉවසන්න
පුළුවන් නං විතරක් ඒ දේවල් කරන්න, නැත්නං
නොකර ඉන්න." ඒ වගේ වෙලාවට තාත්ත මට
කිව්ව දේවල් මතක් වෙනව. මූණ සීරියස් විදියට හදාගෙන, කල්පනාවට
බර වෙලා එයා එහෙම කියන්නෙ එයාගේ අද්දැකීම් වලින් කියල මට හිතෙනේව. තාත්තගෙ පුතානෙ
කියල මම හිත හදා ගන්නව. හොදම වෙලත් ජීවත් වෙන්නත් බැහැ ඒත් තමන් කරන දේ හදවතින්ම
කරලා හිතට එකගව මිනිස්සු ආශ්‍රය කරලා හදවතින්ම මිනිස්සුන්ට ආදරේ කරලා ජීවත් වෙනකොට මොකක් හරි හේතුවකින් තවත්
කෙනෙක්ගේ තරහට හේතු වුනත් ඒ තරහ කෙටි කාලීනයි කියල වගේම, කට්ට කමින් ආත්මාර්ථ කාමීව ලෝකෙට හොද
මූණ පෙන්නගෙන ජීවත් වුනොත් එකේ ප්‍රතිපලය ගොඩක් දරුණුයි කියල මම ඉගෙන ගත්තෙත් මගේ
තාත්ත මට උදාහරනත් එක්ක පෙන්නලා දීපු කරුණු වලින්. ජීවිතේ ආපහු මුල ඉදල මතක් කරගෙන එද්දි මට තාත්ත ගැන පුදුම තරං ආදරයක්
එන්නෙ. ඒකනං මොනදේ වුනත් සදාකාලිකයි.
සුනිමල්
අන්කල් සමග මාත් මැස්ස අයියාත් දොඩමලු වූ අවස්ථාවක සුනිමල් අන්කල් කියාදුන් පාඩම
මට අදටත් මතකය. බුලත් විටක් අපිටත් පිළිගන්වා ඔහු කතාවට වැටුණි. එය ඔහුට ඔහුගේ
මිතුරෙක් ගැන කලකිරුණු අවස්ථාවකි. "පුතේ මිනිස්සු කට්ටකම කියල හිතන් ඉන්නේ එක
හරි නුවණක් කාර කමක් විදියට, හොද
මනුස්සය කවදාවත් කට්ට කන් කරද්දී එකට මොකුත් කියන්න යන්නේ නැහැ අහගෙන ඉන්නවා
විතරයි. ඒත් අපි දන්නවා මේ කට්ට කම
කියල. අපි ඒ මිනිස්සු අදුන ගන්නව වගේම ඒවගේ මිනිස්සු ටිකෙන් ටික ඈත් කරනවා අපේ
හිතෙන් වගේම ජීවිතයෙන්. එහෙම අන්තිමට බලාගෙන යද්දි පුතේ කට්ටකම කියන්නෙ මෝඩකම."
සුනිමල් අන්කල් බුලත් වලට රතු වූ තොල් වලින් එලියට ආ ඒ වදන් මා මනසේ රැදුනේ අන්
කිසිවක් නිසා නොව එය සැබවින්ම මටද වචනයට නැගීමට නොහැකි හැගීමක්ව තිබුණු නිසාය. “සුනිමල් අන්කලුත් පට්ට කතා කියනව නේ.”එලියට
පැමිණි විට මැස්ස අයිය කියාගෙන ගියේය. එය ඔහුගේත් සිත් ගත් බව මුනෙන් දිස්විය.
ප්‍රේමරත්න
සර් කියන්නෙ උසස්පෙළ කරන කලේ මගේ පන්ති බාර ගුරුතුමා. එතුමා ගැන කියනවනං පොතක්
උනත් ලියන්න පුළුවන්. ඒ තරමට එතුමා අපිව යාලුවෝ වගේ ආශ්‍රය කලා. ඉස්සෙල්ල කිව්ව
විදිය කට්ට මිනිස්සු ගැන, ලෝකෙට එකක් පෙන්නන් ඉන්න මිනිස්සු ගැනම එතුමා
අපිට කිව්ව කතාව ලියන එක එතුමාට අපහාසයක් නොවේවා කියල හිතල මම ලියන්නන්. මොකද අපි
කියල කිව්වේ හතළිහකට අඩු කොල්ලෝ විතරක් හිටපු පන්තියේ තමයි මේ කතාව කිව්වේ.
"පුතේ උබල දන්නවද හන්සයගෙයි මොනරගෙයි වෙනස?" අපේ
කට්ටියත් සර් ට උනත් දෙවැනි වෙන්න කැමති නැති නිසා කියනව " ඔව් සර්"
"හංසයා සුදු පාටයි, මොණර
පාට පාටයි" "හංසයා තිළිනයගේ කෑල්ල වගේ මොණර නුවගේ කෑල්ල වගේ"
සර්ටත් හිනා. සේරම අහන ඉදල සර් කියනව "කොල්ලනේ හංසයා පීනන කොට හරි ලස්සනයි, ඌ වතුරෙන් කිරි වෙන් කරලා ගන්නව, ඒ වගේම
මොණරත් ලස්සනයි. හැබැයි මොණර පිල් විදාගෙන නටනකොට
ඉස්සරහින් ලස්සනයි වගේම ඌ දන්නේ නැහැ ඌ පිල් විදාගෙන නටනකොට අදොමුඛය පිටිපස්සෙන් එළියේ
කියල." නැවතිල්ලේ හිතල බලනකොට ඒක ඇත්තම ඇත්ත නේ කියල අපිටත් හිතුන. "ඉතින් අදෝමුඛය එළියේ දාගෙන නටන මිනිස්සු
ගැන තරහ ගන්නවත් වයිර හිතන්නවත් ඕනි නැහැ පුතේ අපි දියෙන් කිරි බොන හංසයෝ වෙලා
ලෝකෙට පෙන්නමු කියල" සර් එදා අපිට කිව්ව පාඩම අපිට ආර්ථික විද්‍යාවේ වෙළදපොල
ආර්ථිකය පාඩමට වඩා වටිනවා කියල හිතෙන්නේ අපි එහෙම මිනිස්සු එක්ක ගැටිලා ලබපු
අද්දැකීම් වලින් පස්සේ දැන් තමයි. සර්ට සියක් ආයු ලැබෙන්න ඕනි අපිට ජීවිතේ කියල
දුන්නට.
කන්ද කෙන්ද කරනු පිනිස: ගායනය: මාලනී බුලත්සිංහල මහත්මිය (Youtube Link)
කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා
කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා
ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා
කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී
අඩේ දයියා.. මේක මාර සිරා නේ බං.. දාලා බලපන් අ.පේ පැත්තේ.. වරදක් වෙන්න විදියක් නැහැ..
ReplyDelete