මිතුරන් පිරිසක් අපේ නිවසට පැමිණ මොහොතක අප කෙල්ලන් පිළිබද කතා කරනු යන්තමින් කන වැකුණු අම්මා මට කී වදන් මට තාමත් මතකයට නැගේ "පුතේ උබ කවමදාවත් ගැණු දරුවෙක් රවට්ටන්න එපා.. මේ ඉන්නේ උබේ අම්මයි සහෝදරියි කියල සලකපන්.." මගේ දැනුමේ හැටියට මා අදවන තුරු එසේ කෙල්ලන් රවට්වා නැත. නමුත් මේ වනතුරු මට පෙම්වතියක් නොසිටද නැත. ඒ නිසා පිවිතුරු ආදරය ගැන කතා කරන්නට මට ප්‍රයෝගික දැනුම මෙන්ම සදාචාරමය අයිතියත් ඇතැයි සිතමි.
කුඩාකල මවට පියාට හා මා ලගින් සිටි මා ආදරය කල කිහිපදෙනා වයසින් වැඩිවනවාත් සමගම ගණනය කර නොහැකි තරමට වර්දනය වී ඇත. නමුත් අවුරුදු විසි ගණනක් වුවද අදත් මා අම්මා තාත්තා මෙන්ම ආච්චි සීයා තුරුලේ ගත කරන්නට මහත් ලෙස ප්‍රිය කරමි. එසේම මම ඔවුන් තුරුලේ අදටත් හුරතල් වෙමි. මා යම්කිසි ගැටලුවකින් හිතේ අසහනයෙන් සිටින විට ඔව්න් තුරුලේ සිටීම මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙයි. ඒ ඔවුන් මට දක්වන ආදරය හා මා ඔවුන්ට දක්වන ආදරය අතර ඇති හිඩැසක් නොමැති සම්බන්දය නිසා විය යුතුයි හැගේ.
මා ලද අත්දැකීම් හා සමාජය තුල අත්විදි හා දැක ඇති දේත් සමග පිරිමි දරුවෙක් තමාගේ ජීවන සහකාරිය ලෙස සොයන්නේ තම මව වැනිම ලක්ෂණ සහිත ගෑනු දරුවෙකුය. ගැහැණු දරුවෙකු තමාගේ ජීවන සහකරු ලෙස සොයන්නේ තමාගේ පියා වැනිම ලක්ෂණ සහිත පිරිමි දරුවෙකුය. (එය ඔබේ අද්දැකීම් සමගද සසදා බලන්න.) නමුත් තරුණ සිත සොයන ඒ වටිනාම දෙය සොයන්නේ තමන්ගේ දෘෂ්ටි සීමාව තුල පමණක් යයි විටෙක හැගේ. එනම් බාහිර පෙනුමෙන් පමණි. බොහෝ පිරිස තම තරුණ කුලුදුල් පෙම ලප් තැනම ලොප් කර ගැනීමටත්, ඒ ප්‍රේමය තුලම දුකෙන්, සිත් තැවුලෙන් කාලය ගත කිරීමටත් ප්‍රදාන හේතුව මෙය යයි මට තවත් විටෙක හැගේ.
එසේ මෙසේ කෙසේ කීවත් ආදරය සුන්දරය. ඒ තුල හිත කිති කවන හැගීමක් මා මෙන්ම ඔබත් විද ඇතුවාට සැක නැත. ආදරය ගැන කිසිත් නොදත් කාලයේදී පවා මැය මගේ ලගින් හැමදාම සිටියානම් යයි සිතුණු අවස්ථාවන් මගේ ජීවිතය තුල නම් තිබුණි. ඇස් ඉදිරිපිටම බොදවනු ඒ හීන හා හිතයටින් නොදැනුවත්වම ආ වේදනාවන් මෙන්ම ඒ දුක තුරන් කිරීමට සෙවූ පිළියම් තුල මා අසරණ වූ ආකාරය පීදෙන්නට කලින් ඵල හටගත් ගසක් මෙන් යයි දැන් යම්තාක් මේරු මගේ හිතට හැගේ.
එහෙත් එකල අදමෙන් සිතීමට නොහැකි වීම ගැන පසු තැවිල්ලක්ද මා හිත තුල ඇත.
කෙසේ වෙතත් මා විදි ආදරයට නිග්‍රහ කිරීමට තරම් මා අමන නැත. වික්ටර් රත්නායක මහතා දිනක් බණ්ඩාර දිසානායකයන්ගේ සක්‍යා ආයතනයට පැමිණි මොහොත මට සිහිපත් වේ. ඔහුගේ එතරම් ජනප්‍රිය නොවූ ගීයක් අපවෙත ඉදිරිපත් කළේය. එය යව්වන ආදරය ගැන සටහන් වුවකි. එහි එහි එක්තරා පද පේළියක සටහන් වී තිබුණු අයුරින් යව්වන ආදරය සොයන්නන් තුල සපුරායුතු සුදුසුකමක් ඇත. සිනා මල් වට්ටි හතක් ඒක අතකින් ගෙන අනිත් අතින් කදුළු පැන් කෙන්ඩි හතක් ගෙන ගව් හතක් ඇවිදින්න පුලුවන්නම් පමණක් යව්වන වියේදී ආදරය පටන් ගත්තට කමක් නැත යන්නය. රත්නායකයනි, දිසානායකයනි මා නම් ඒ වනවිට සුදුසුකම් නැතුවම පියවර තබා අවසානය. මතකයන් හිත කිටිකවන නමුත්, වේදනාවන් ගෙන එන නමුත් එය මා සෙවූ සෙනෙහස නොවන බවනම් වැටහුණි. එහෙත් එක්ව විදි ආදරය නම් සුන්දරය. තනිකමක් පාළුවක් අහලකවත් නැත, ජීවිතය බෙදාගැනීමට මගේම කෙනෙක් මගෙ ලග සිටියාය, ඇය මාව වෙනස් මිනිසෙක් කළාය. යව්වනයේ වෙනත් කොල්ලන් යොමුවන සියලුම දුරාචාර වලින් මා මෑත් කර තැබීමට ඇය වෙහෙස විය. අෂ්ට ලෝක දර්මයන්හිදීම ඇය මාලග සිටියාය. මාත් එසේමය. නමුත් අපි මැවූ හීන වයසට වඩා වැඩිය. අහසෙ මාලිගා හදන්න හීන මැව්වද අපි තවමත් පොළවෙ පැලක් අටව ගන්නවත් සුදුසු නැති බව වැටහුණි. කෙසේ වෙතත් මේ වන විට සියල්ලෝම සතුටින් හෝ දුකින් හෝ විසිරගොස් හමාරය. ඒ ආදරය තුල මා ජීවිතයට එකතු කර ගත් අද්දැකීම් පිළිබද මම වේදනාවෙන් වුවත් සතුටු වෙමි.
රත්නායකයන්ගේම අදුර බිදින්නට ගීතය මා මනසට ඇතුළුවන්නේ එය ජීවිතයට සැබෑ අරුතක් පසක් කර දුන් හෙයිනි.
Adura Bidinnata (Youtube LInk)
අදුර බිදින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිද හැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මලපොත පෙරලා
මලගිය ඊයේ සිහිපත් කල මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දැතෙහි දසගිලි දිග හැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත .. හිස් බවකිය ඇත්තේ
සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද
යවුවන විය පියවර තබනා සද
හිස්වන පද විත සපුරා ගන්නට
මියැසි විරාමය යලි පැමිණී ඇත
කරුමෙකි පැවසෙන්නේ
එපමනයි.. පිලිසරණය වන්නේ
යව්වන ආදරය ගැන මට පැවසීමට ඇත්තේද එපමණකි. දුක් කරදර අපි හැමටම පොදුය. එසේම ඒ සියලු දේ මැඩගෙන ජීවිතේ ජයගැනීමට උත්සහ දැරීම කලයුතුමය. අම්මයි තාත්තයි ඇකයේ අදටත් මා ආදරණිය චූටි පුතුය, ආච්චි සීයා තුරුලේ අදටත් මම පොඩි පුතුය, සහෝදර සහෝදරියන් අතරේ මා හුරතල් සහෝදරයාය. නෑදෑයන් හිත මිතුරන් අතරේ මම හුරතල් පුතාය. යාළුවන් අතරේ ෆිට් බුවාය. නොවෙනස් එය මට හොදටම ඇතිය.
දැන් ඉතින් වෙලාවක් බලල කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කාන්තාවක් කියන සින්දුවක් වුනත් ප්‍රියානි ජයසිංහ මහත්මිය ගායනා කරන කදුල නිවන්නන් සින්දුව තමයි. ඒකට වෙලාවක් එයිද කියන්න දන්නෙත් නැහැ. ආව නැතා ඉන්න ටිකේ සතුටින් ඉන්න තමයි කල්පනාව.. :P
මේක කියවන ඔබ ගොඩක් දෙනාගේ යව්වන අදර කතාව මීටම සමාන විය හැකිය. පරීක්ෂණ සංඛාලේඛන අතරිනුත් ඒය සහතිකය. ඒ නිසා දුක් වෙන්න උවමනා නැහැ. We all are in same Boat.. :P
No comments:
Post a Comment