උගුරැස්ස Local උනාට Governor’s Plum කිව්වහම ටිකක් Posh වගේ.පොඩි කාලේ ආච්චිලගේ ගෙදර ගිහින් ගහට නැගල මුලින්ම උගුරැස්ස කාපු හැටි මතක් වෙනව.තලලා කාපුවහම තමයි උගුරැස්ස රස වැඩි. ඒ රහට මම තවමත් ආදරෙයි.ගෝනියක් දුන්නොත් ගෝනියම කනවා.ඔය ගොල්ලන්ට ගන්න දෙයක් තිබ්බොත් තමන්ට ඕනි විදියට තලලා කටේ දා ගන්න.ආයේ හෝදන්න දෙයක් නැහැ,හොදට හෝදලා තියෙන්නෙ.උගුරැස්සවල රස දැනේවි. වෙරළු ගෙඩිය හත් අතකට කපාගෙන කාපු අපිට උගුරැස්ස ගෙඩියක් බෙදාගන්න බැරිකමක් නැහැනි.ඒ නිසා අදහස් යෝජනා බෙදා හදා ගමු.