අපේක්ෂා ඉෂ්ට වීම මත අපේක්ෂා නැවත ස්තාපනය වීම සිදුවේ. බලාපොරොත්තු දල්වාගත් දෙනෙතින් සියල්ලෝම ශාලා ගතව ඇත. උසුළු විසුල් හඩවල් මැද ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නෝද බොහෝය. මම උපේක්ෂාවෙන් බලාසිටියෙමි. කොටින් කව්රුන්ද, සිංහයන් කවුරුන්ද, ඒ සියල්ල මැද නරින් කව්රුන්ද සියල්ලන්ටම යටවූ මුවන් කවුරුන්ද යන්න ගැන මම අවබෝදයක් ලබාගනිමින් උසුළු විසුලුවෙන් සිටියෙමි. සොදුරු ඇස් දෙකක් මගේ ඇස් අතර නතර විය. සියල්ලන් නිහඩ වූ සේයාවකි. උසුළු විසුළු හඩවල් කන් වැකෙන්නේ නැත. තත්පරයක කාලය කෙතරම් වෙලා ගතවීදයි අවබෝදයක් නැත. මින් පෙර නොදුටු නුහුරු ඇස් මගේ දෙනෙත් අතර නතර වූ නිමේෂය තුල කුමක් හෝ වෙනසක සේයාවක් විය. ඒ ඇගේ පළමු හමුවීමයි. හමුවීමට කිසිදු ඉඩක් නොතිබූ, අහම්බයක්ම වූ තැන් කිහිපයකදීම ඒ ආදරණීය ඇස් මට මුණ ගැසුණි. කෙසේ හෝ මට ඇය මුණ ගැසුණි. ජීවත් වීම තුල කාලය තරම් වෙනත් ගැටලුවක් නැත. කාලය සියල්ලෙහිම තීරණාත්මක සාදකයද. මම තවමත් සොයමින් සිටිමි.
ආගමික, සංස්කෘතික වෙනස්කම් මම තැකීමක් නොකරන මුත් වෙනත් බැදීම් තුල ආදරයක් කිසිදා පතා නැත. එවැනි බැදීම් ඇතිවෙතැයි හැගෙන සෑම අවස්ථාවකම මම කල්පනා කාරී වී ඇත. ජීවිතයේ එවැනි අවස්ථා තුල ම බලාපොරොත්තු අත හැර අනෙක් පාර්ශවයට සුබපතා වේදනාව යටපත් කර තනිව වේදනා විදදරගත් අවස්තා අත්වින්දෙමි. ඊටද හේතු වුයේ මා පෙර අත්විදි වේදනාකාරී අත්දැකීම් තවත් කෙනෙකුට නොලැබිය යුතුයයි මා විශ්වාස කල නිසාය. කෙසේ හෝ මට ඇය මුණ ගැසී අවසානය. වේදනාකාරී අත්දැකීම් දිනෙන් දින මතුවෙමින් විදිමින් සිටිමි. වේදනාව යන්න සමනළ සන්දවනියේදී වදීෂට අනුව.
“හුග දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි, මේ කලා නිර්මාණ කලා කරුවන්ගේ හදවතට කොහොමද එන්නෙ කියන එක.. මේ මිහිරි ගී තනු, වචන කොහෙන්ද එන්නෙ කියන එක... බේතෝවන් කිව්වේ මේ සියල්ල පැමිනෙන්නෙ දෙවියන්ගෙන් කියල..එත් මම නං කියන්නේ මේ සියල්ල පැමිනෙන්නෙ වේදනාවෙන් කියල...මුතු ඇටයක් බවට පත්වෙන්නෙ බෙල්ලෙකුගෙ බෙලිකටුව තුල සැගවුන වැලි කැටයෙ වේදනාව.. ඔවුහු ගී ගයමින් වේදනාව උගනිතියි කිව්වේ ශෙලී..”
මෙය කළා කරුවකුට පමණක් නොව සියලුම නිර්මාණ කරුවන්ට අදාළයයි මට හැගේ. වේදනාව මත සාර්ථක වූ චරිත අසා කියවා දැක ඇත. හදාන්නට ගත් දෙමවුපියන්ට මුදල් නොමැති කමින් උසස් අද්‍යාපනය කඩාකප්පල් වූ Steve Jobs එතෙක් මෙතෙක් තුල බිහිවූ විශිෂ්ටතම ජංගම දුරකථනයේ නිර්මාපකයය. වේදනාව ඔහුව කොතෙක් දුර ගෙනාවද යන්න Stanford විශ්වවිද්‍යාලයෙ කල කතාවෙන් ඔහු විසිනම විස්තර කර ඇත. එයද එක්තරා ආකාරයක වේදනාවකි.
එය එසේනම් මා හදවතේ වේදනාවන්ද අපේ සාර්ථකත්වයෙ පීඩනයට යොදාගැනීම හැර වෙනත් විකල්පයක් මට නොමැත.
ඇය ජීවිතය තේරුන් ගත් තැනැත්තියකි. මනා ජීවිත අවබෝදයක් මෙන්ම, යම්තාක් සමාජ අවබෝදයක්ද මේවනවිට ඇත. දගකාරය, කෙලිලොල්ය. කොටින්ම කිව්වොත් මට මෙන්ම පිස්සුය. සිතුම් පැතුම් තුල මා සිතන දෙය ක්ෂණයකින් අවබෝද කර ගත හැකි වෙනත් කිසිදු කෙනෙක් මට මේ බවයේදී හමුවී නැත. මටත් ඇගේ සිතුවිලි හදුනා ගැනීම ඇයටත් වඩා හොදින් කළහැකි වීම මටත් පුදුමය ගෙන දෙන්නක් වී ඇත. ඇගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන බව පෙන්වීමට උත්සහ කලද එය එසේ නොවන බවත් මට වැටහී අවසානය. මා විදින වේදනාව මටත් වඩා රහට ඇය විදිමින් ඇති බව මට ඒකාන්ත ලෙසම පැහැදිලිය. නමුත් මේ සමාජ ක්‍රමය තුල අපි අසරණ වී ඇත. එය කෙසේ වෙතත් අන්සතු සිත් බිදීමේ පාපයට වරද කරු වීම මට උරුම වී අවසානය. මේ සමාජ ක්‍රමය තුල අපට එක්වීමට මා විකල්ප සොයන විට එම විකල්ප වල අඩුපාඩු තෝරා බේරා ගන්නා ආකාරය අනුව ඇගේ මානවහිතවාදී බව මම අවබෝද කර ගත්තෙමි. හොද මිනිස්සුන්ට කවදාවත් හොදක් මේ සමාජය තුල බලාපොරොත්තු විය නොහැකි බව ඇය අවබෝද කර ගනු ඇත. නමුත් මා මෙන්ම ඇයද එතැනදී අසරණ වනු ඇත.. වේදනාව හදවත පාරනු ඇත.
GLADIATOR ප්‍රේමය වේදිකා නාට්ටයේ රන්ජිත් ගෙ දෙබසක මේ සමාජක්‍රමය, ප්‍රේමය හා බද්දව මෙසේ විග්‍රහ කර ඇත..
“මේක gladiator සටන් බිමක්, පලිහ අසිපත නැතුව මෙතන ජීවිතයක් නෑ...
මගේ අසිපතේ ප්‍රචණ්ඩත්වයයි මගේ ජීවිතේ පැවැත්ම...
මම මිනීමරන තරමටයි මගේ ජීවිතේ පැවැත්ම....
මෙතන තියෙන්නෙ මරණය විතරයි, ජීවිතයට මෙතන ඉඩක් නෑ...
අපි ඉන්නෙ මහා කාලකන්නි සමාජයක...
එකිනෙකාගෙ මස් කන හයින සමාජයක...
තමන්ගෙ අසල්වැසියාගෙ ලේ රහට දිව දික්කරන, ඒ මස් පුච්චගෙන බැදගෙන කන හයින සමාජයක...
හර්දසාක්ෂියට මෙතන ඉඩක් නැහැ...
හර්දසාක්ෂිය මරන්නේ නැතුව මෙතන ජීවිතයක් නෑ...
අපේ ප්‍රේමය සත්ත්‍යක්...
එත් ඒ ප්‍රේමය නඩත්තු කරන්න බෑ...
පස්මහ බැලුම් බලන්න පුළුවන් උනා නම් මම මේ රටේ ඉපදෙන්නෙ ගැඩවිලෙක් වෙලා...
ඇස්, කන්, නාස් නැති මොලයක්, පිටකොන්දක් නැති ගැඩවිලෙක් වෙලා...”
එහෙත්, ඇයවත් මාවත් ගැඩවිලුන් නොවන්නේය, ඇයටත් මටත් පිටකොන්දක් හා මොලයක් ඇති, ඊටත් එහා ගිය හර්දසක්ෂියක් හා හදවතක් ඇති බව අපි දෙදෙනාගේම අවබෝදය තුල ගම්‍ය වී ඇත... මහ මෙරක් ලෙස හිතින් බර දරා දුරස් වෙනවා හැරෙන්නට වෙනත් ප්‍රතිකර්මයක් අපට ඉතුරුවී නැත... එහෙත් අපි නොනැවතී ගමනේ යෙදී සිටින්නෙමු...
ඇය මා ලග නැත. තාක්‍ෂණය කෙතරම් දියුණු වුවද අපි තව තවත් දුරස් වෙමින් මානසිකව තොරතුරු හුවමාරුවේ යෙදී සිටිමු... ඇය ගැන මතකයට නැගෙන අවස්ථා ගණනාවක් දවසකට අමාරුවෙන් ගෙවාදමමි. පෙර දිනක මම විහිළුවක් ලෙස ඇයට පැවසූයේ ආශ්වාස කරන සෑම විටකම හා ප්‍රශ්වාස සෑම අවස්ථාවකම මට ඇය මතකයට නැගෙන බවයි. දැන් එය ඇස් මානයේ සැබෑවක් වී ඇත. සිත් දෙකක් මෙතරම් ලන්වෙනු මම ප්‍රබන්දයකවත් අසා දැක නැත. ඇගෙන් කෙටි පණිවිඩයක් ලැබෙන විට එය මට ලැබීමට පෙර මොහොතේ හැගී යයි. ඇයට අසහන කාරී මොහොතක මට එය දැනෙන්නේ නොසිතාමය. පසුව සසදන විට එය එසේම වී ඇත. සසර බැදීම ඇය විශ්වාස නොකරන මුත්, මගේ අවබෝදයට අනුව මෙය සසර බදීමක් ම වියයුතුය. තෙරක් නොපෙනෙන විශ්වයේ අපේ රහස් කෙතරම් සැගවී ඇත්ද. සම්බන්දතා දුරස් වීම එය තව තවත් ලංකරන මානසික බැදීමක් බවට පත්කරනු ලබයි.
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
මෙය මෙසේ විද ගත යුතුව ඇත. දෛවය අපට ලබා දුන් සරදම සුළුපටු නැත. වචනයෙන් දෙකකින් විස්තර කිරීමට නොහැක. ජීවිතය පවතින තාක් කල්, අපි එක්ව ජීවිතය ගෙවනා දිනය එළබෙන තාක්කල් මෙය මෙසේම පැවතිය යුතුය. මේ සමාජය කෙදිනක හෝ අපට එක්වීමට අවසර දෙනු ඇත. එතෙක් ඇගේ ජීවිතයේ රාමුවක් තුල සිදුවන සිදුවීම් මම උපේක්ෂාවෙන් විදදරාගාමී. සම්බන්දතවයකදී එක් පාර්ශවයක්, දැන දැනම නොපතන සියල්ල ඉවසීමට, මට උපේක්ෂාව පුරුදු කල ඇදුරුතුමිය සැබවින්ම ඇයයි. ඒ ඉවසීම තුලම ඇගේ සහ මගේ බැදීම තවත් වැඩි කරනු ඇත. ඒ ඉවසීමේ වේදනාව දිනක මාත් ඇයත් එක්කරනු ඇත. එතෙක් හසරැල් නගමින් සොම්නසින්, ප්‍රේමය විදීමට ඇයටත් මටත් අවසර.
Congrazz u both (y) ආදරෙයේ සැබෑ සතුටින් එය විද දරා ගනිමි.
No comments:
Post a Comment